අන්තර්ජාලය හරහා සිදුවන ස්ත්‍රී පුරුෂ සමාජභාවය පදනම්කර ගත් ප්‍රචණ්ඩත්වයට එරෙහිව සටන් කිරීමට - Tackling Online Gender-Based Violence

මෙමස්වයං-අධ්යයනපාඨමාලාවෙන්ඔබඅන්තර්ජාලයහරහාසිදුවනස්ත්‍රී
පුරුෂ සමාජභාවය
පදනම්කරගත්ප්රචණ්ඩත්වයහෙවත්OBGV හඳුනාගෙනඊටඑරෙහිවසටන්කරනආකරයගැනඉගෙනගනුලබනවා. 

මෙමපාඨමාලාව, අන්තර්ජාලයතුලසුරක්ෂිතවසැරිසරනඅතරතුරවැරදිතොරතුරුහඳුනාගැනීමටත්තොරතුරුවලවිශ්වාසනීයත්වයතහවුරුකරගැනීමටත්සහය
වන
-අධ්යයනමාර්ගෝපදේශකයෙකු
වන
ඩිජිටල්ගවේෂකයෙකුගේමෙවලම්මල්ලේ (Digital
Enquirer Kit)
කොටසකි. අපගේඩිජිටල්ගවේෂකයෙකුගේමෙවලම්මල්ල (Digital
Enquirer Kit)
මෙතැනින්අත්හදාබලන්න.

                                                       OGBV SIN 
මේ පාඨමාලාව කවුරුන් සඳහා ද? මෙම පාඨමාලාව
වෙසෙසින්ම නිර්මාණය
කර ඇත්තේ කාන්තාවන් (එසේම තමන් කාන්තාවක් ලෙස
හඳුන්වාගන්නා සියලුම දෙනා), ප්‍රසිද්ධ කාන්තාවන්,
LGBTIQ+ ප්‍රජාවේ සාමාජිකයන්, ස්ත්‍රී පුරුෂ සමාජභාවයහා සම්බන්ධ ක්‍රියාකාරීන් සහ මානව හිමිකම්
වෙනුවෙන් පෙනී සිටින්නන් අරමුණුකර ගෙනයි. එසේම ස්ත්‍රී පුරුෂ සමාජභාවය පදනම්කර ගත් ප්‍රචණ්ඩත්වයට ගොදුරුවන පුද්ගලයන් මෙන්ම එවැන්නෙකුගේ සහයට එමින් සුරක්ෂිත ලෙස මැදිහත්විය හැක්කේ කෙසේද යන්න ඉගෙනීමට කැමති අයත් මින් ඉලක්කකර තිබෙනවා.

මෙම පාඨමාලාව අවසානයේ ඔබට මෙම කුසලතා හිමි වෙනවා:
>  අප අවට සමාජය ස්ත්‍රී පුරුෂ සම්බන්ධතා අනුව හැඩගැසී ඇති අයුරු විස්තර කිරීමට
>  ඔන්ලයින් ප්‍රචණ්ඩත්වයට හේතුව ස්ත්‍රී පුරුෂ සමාජභාවය විය හැක්කේ කුමක් නිසාදැයි හඳුනා ගැනීමට
>  මාර්ගගතව,  හෙවත් ඔන්ලයින්ව සිදුවන ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වය හඳුනා ගැනීමට
>  මාර්ගගත අන්තර්ගතයන් නිර්මාණය කරන අතරතුර ඔබට සුරක්ෂිත විය හැකි ක්‍රමෝපායන් හඳුනා ගැනීමට

>  ඔබට ඔබ වෙනුවෙන් පෙනී සිටිය හැකි ආකරය සහ සහායකයන් පිරිසක් තනාගන්නා අයුරු ඉගෙනීමට

මේ සඳහා කොපමණ කාලයක් වැයකළ යුතු ද?
මෙම පාඨමාලාවට විනාඩි
10-20ක් බැගින් සමන්විත පාඩම් හයක් ඇතුලත් වෙනවා. එනම්, ඔබට මෙම
OGBV
පිළිබඳ පාඨමාලාව සම්පූර්ණ කිරීම සඳහා මිනිත්තු
90ක් ගත වෙනවා.

ඔබට ලැබෙන්නේ කුමන ආකාරයේ සහතිකයක් ද?
ඒ ඒ මොඩියුලය සම්පූර්ණ කළ විට සහභාගිත්වය සඳහා සහතිකය බැගින්.

*මාර්ග අපගත ලෙස පිවිසීම සඳහා, atingi යෙදුම බාගත කරන්න (Google Play හි Android සඳහා ලබාගත හැකියි.).*

මෙම පාඨමාලාව නිර්මාණය කරනු ලැබුවේ  KICTANetසහබාබඩෝස්හි පිහිටි බටහිර ඉන්දීය කොදෙව් විශ්ව විද්‍යාලයේ
(UWI)ස්ත්‍රී පුරුෂ සමාජභාවය සහ සංවර්ධන අධ්‍යයන ආයතනයේ සමානුග්‍රහයෙන්
 Deutsche
Gesellschaft für Internationale Zusammenarbeit (GIZ) GmbH
විසිනි.

බලපත්‍ර:Creative
Commons Attribution-ShareAlike 4.0 International (CC BY-SA 4.0), KICTANet, UWI
සහ GIZ. නිර්මාපකයාට එහි
අයිතිය පිරිනමමින් වාණිජමය නොවන  අරමුණු
සඳහා
"CC BY-NC-ND"
ලෙස නම්කර ඇති ග්‍රැෆික් භාවිතා කළ හැකියි.

sdfsdfgiz